Automobile Association of Ceylon, FIA Innovation Challenge 2026 හි Region II ශූරයා ලෙස නම් කෙරේ
ඡායාරූපයේ (වමේ සිට දකුණට) AAC මාර්ග ආරක්ෂාව සහ පාරිසරික කළමනාකරණ අංශ සභාපති ප්‍රසන්න ද සොයිසා, Canadian Automobile Club සභාපති Tim Shearman, Australian Automobile Club හි Mandy Grogan, FIA සභාපති Dr. Mohommed Ben Sulayem, AAC සභාපති Dhammika Attygalle, AAC ලේකම් Devapriya Hettiarachchi සහ Philippines Automobile Club සභාපති Joe Ferreria, පිලිපීනයේ Boracay හි පැවැති FIA Asia-Pacific Congress හිදී FIA Innovation Challenge 2026 Region II Champion පිළිගැනීම ලබාගැනීමෙන් පසු

Automobile Association of Ceylon (AAC) ආයතනය FIA Innovation Challenge 2026 හි Region II (Asia – Pacific) Champion ලෙස නම් කරමින් නවෝත්පාදන ව්‍යාපෘති දෙකක් සඳහා පිළිගැනීම ලබාගැනීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පිළිගැනීමක් ගෙන එනු ලැබීය. මෙම ජයග්‍රහණය පිලිපීනයේ Boracay හි පැවැති FIA Asia – Pacific Congress හිදී ප්‍රකාශයට පත් කරන ලද අතර, AAC හි ,”AAC Mobility Lifeline” වැඩසටහන සහ “Solar – Guard” මාර්ග ආරක්ෂණ පද්ධතිය සඳහා මෙම පිළිගැනීම හිමි විය.
AAC Mobility Lifeline වැඩසටහන 2025 නොවැම්බර් මාසයේ Cyclone Ditwah හේතුවෙන් ඇති වූ තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් සංවර්ධනය කරන ලදී. එහිදී AAC ආයතනය සිය පැය 24 පුරා ක්‍රියාත්මක Road Assistance ඇමතුම් මධ්‍යස්ථානය, ආපදාවෙන් බලපෑමට ලක්වූ මාර්ග භාවිතා කරන්නන් සහ රථවාහන හිමියන්ට සහාය වීම සඳහා සංචලන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් බවට පත් කළේය. මෙම කාලය තුළ හදිසි ඇමතුම් සංඛ්‍යාව වැඩි වූ අතර AAC සිය තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ රට පුරා පිහිටි අනුමත ගරාජ 160 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළේය. Cyclone Ditwah හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහ රජයේ “Clean Sri Lanka”, වැඩසටහනට සහාය වීම සඳහා AAC විසින් රු. මිලියන 25 ක් ජනාධිපති අරමුදලට ද දායක කර ඇත.

සංගමයේ දෙවන පිළිගැනීමට ලක්වූ ව්‍යාපෘතිය වන Solar – Guard, Road Development Authority සමග එක්ව සංවර්ධනය කරන ලද සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මාර්ග ආරක්ෂණ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියකි. අනතුරුදායක ස්ථාන සහ දෘශ්‍යතාව අඩු ප්‍රදේශවල සූර්ය බලයෙන් ක්‍රියාත්මක LED දැල්වෙන විදුලි පහන් ස්ථාපනය කර රියැදුරන්ට අඛණ්ඩ දෘශ්‍ය අනතුරු ඇඟවීම් සපයයි. මෙම පද්ධතිය ජාතික විදුලි ජාලයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන බැවින්, එය තිරසාර සහ ප්‍රායෝගික මාර්ග ආරක්ෂණ විසඳුමක් සපයයි.
AAC හි ජයග්‍රහණයට සුබ පතමින්, FIA සභාපති H. E. Mohammed Ben Sulayem විසින් Automobile Association of Ceylon සහ AAC සභාපති Dhammika Attygalle අගය කළ අතර, හදිසි අවස්ථාවලදී සාමාජිකයන්ට සහාය වීම සහ මාර්ගයේ ජීවිත බේරා ගැනීම අරමුණු කරගත් නවෝත්පාදන හඳුන්වාදීම සඳහා සංගමයේ කැපවීම විශේෂයෙන් සඳහන් කළේය. AAC සභාපති Dhammika Attygalle මහතා පැවැසුවේ, මෙම පිළිගැනීම සංගමයේ කණ්ඩායමේ කැපවීම සහ එහි ශක්තිමත් සංචලන ජාලය පිළිබිඹු කරන අතර, හදිසි සංචලන සහ මාර්ග ආරක්ෂණ අභියෝග දෙකටම ප්‍රායෝගික විසඳුම් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ද පෙන්නුම් කරන බවයි.
මෙම ජාත්‍යන්තර පිළිගැනීම Automobile Accociation Of Ceylon සඳහා වැදගත් ජයග්‍රහණයක් වන අතර, මාර්ග ආරක්ෂාව නවෝතාපාදනය, තිරසාර සංචලනය සහ ශ්‍රී ලංකාවේ රථවාහන භාවිතා කරන ජනතාවට සේවය කිරීම සඳහා එහි අඛණ්ඩ කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි.

