Friday, 9 Oct 2026
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නවක වධ වියරුවට සබරගමුවෙන් මරු උත්තරයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 9 Oct 2026
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නවක වධ වියරුවට සබරගමුවෙන් මරු උත්තරයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2026 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

නවක වධ වියරුවට සබරගමුවෙන් මරු උත්තරයක්

October 8, 2026

එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදා ගනු ලැබුවද අප රටේ මුදා නොගත් ප්‍රදේශ කිහිපයක් ඉතිරි වූ බවක් යුද්ධය අවසන් වූ පසුව කියවිණ. ඒ මුදානොගත් ප්‍රදේශ ලෙස හැඳින්වූයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයන්ය. ලංකාවේ ඇතැම් විශ්වවිද්‍යාලයන්හි සිසුන් ඒවා තනිකරම තම අණසකට යටත් කරගෙන සිටියේය. ඒවාට අලුතෙන් එන සිසුන්ට හොඳහැටි නවක වධය දී විශ්වවිද්‍යාලයන්හි නේවාසිකාර බලෙන් අල්ලාගෙන රජ කරගෙන සිටි කාලයක් තිබිණ. අපේ රටේ විශ්වවිද්‍යාලයන්හි කිසිසේත් අනුමත කළ නොහැකි උප සංස්කෘතික අංගයක් බඳු වූ මේ කියන නවක වධය නමැති ලෙඩේට බෙහෙත් කිරීම සඳහා හමුදා කඳවුරුවලදී නායකත්ව පුහුණු පාඨමාලා පැවැත්වීමට ක්‍රියාකළ එකල, උසස් අධ්‍යාපන ඇමැති වූ කටකාර එස්.බී. දිසානායක මහතාට සිසුහු විශ්වවිද්‍යාලයක පැත්ත පළාතකටවත් එන්න දුන්නේම නැත. හදිසියේවත් විශ්වවිද්‍යාලයකට ගියහොත් ඔහුට හූ කියා එළවා දැමූ අවස්ථා ද තිබිණ. ඒ කාලයේදී මෙන් දැනුත් විශ්වවිද්‍යාලයන්හි මේ අසමජ්ජාති නවක වධය නමැති අශික්ෂිත වැඩේ ගැන විටින් විට අසන්නට ලැබේ. අලුතින් පැමිණෙන සිසුන් හඳුනාගැනීම හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන කියා දීම නැත්නම් නවක සිසුන්ගේ දක්ෂතා හඳුනාගැනීමට සිදුකරන කිසිවෙකුටත් සුළු හෝ හානියක් නැති දේකට අපගේ විරුද්ධත්වයක් නැත. ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා ජ’පුර විශ්වවිද්‍යාලයට නවක සිසුවෙකු ලෙස ගියවිට ජ්‍යෙෂ්ඨ සිසුන් ඔහුට කියා තිබුණේ සිංදුවක් කියන්නට යැයි කියාය. එහෙත් තමන්ට සිංදු කියන්නට නොහැකි බැවින් කතාවක් කර පෙන්වන්නම් කියා ඔහු ඇට්ටිහැලෙන්න දේශපාලන කතාවක් කර තිබුණ. එවැනි පන්නයේ හඳුනාගැනීමක් ගැන අප කිසිවකුටවත් විරුද්ධ විය නොහැක.

එහෙත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි චරිත් දිල්ෂාන් නමැති සිසුවා 2025 වසරේ අප්‍රේල් මස 29 වැනිදා සිය නිවස තුළදී සිය දිවි නසාගෙන මරණයට පාර කැපූ රැග් කිරිල්ල තනිකරම අපරාධයකි. එම අපරාධයට තනිකරම හේතු වූයේ නවක වධය හෙවත් රැග් එකය. මෙම අවාසනාවන්ත සිසු මරණයෙන් වසරකට වැඩි කාලයකට පසුව චරිත්ගේ මරණයට පාර කැපූ බවට සැක සිසුන් එකොළොස් දෙනකු නෙරපා හැරීමට සබරගමුව විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කර තිබේ. මෙම තීරණය ප්‍රකාරව, හිරිහැර කිරීම සහ ශාරීරික මානසික තර්ජන එල්ලකිරීම ආදී බරපතල විනය විරෝධී ක්‍රියා සිදුකළ සිසුන් වෙත ශිෂ්‍යයකුට හිමිවන කිසිදු අයිතිවාසිකමක් හෝ වරප්‍රසාදයක් මෙම සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් එකොළොස් දෙනාට හිමි වන්නේ නැත. ඒ ගැන අපගේ කිසිදු විරෝධයක් එල්ලවන්නේ ද නැත. ලංකාවේ විශ්වවිද්‍යාලවල මේ රැග් කිරිල්ල අවුරුදු ගාණක් තිස්සේ පවතින ලොකුම සමාජ ප්‍රශ්නයකි. සිය ජීවිතයේ උත්තරීතර පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සැදැහැ සිතින් විශ්වවිද්‍යාල වෙත එන පළමු වසර (නවකයින්) සිසුන්ට ජ්‍යෙෂ්ඨයන් විසින් බලහත්කාරයෙන් කරන වධහිංසා, නින්දා, ලිංගික අඩන්තේට්ටම්, ශාරීරික පහරදීම් ආදී තත්ත්වයන් 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වධය සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කිරීමේ පනත අනුව වසර 10 දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබාදිය හැකි මෙන්ම රැග් කිරීම නිසා යම් ශිෂ්‍යයෙක් මියගියොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවන වරදකි.

අවාසනාවකට ලංකාවේ 1970 ගණන්වල සිට නවක වධය නිසා සෘජුවම හෝ වක්‍රව මියගිය බවට සිසුන් ගණනාවකගේ නම් සඳහන් කළ හැක. මෙම වධකාරී තත්ත්වය හේතුවෙන් ඇතිවූ සිත්තැවුලෙන් මුලින්ම මරණයට පත්වන්නේ රූපා රත්නසීලීය (1975, පේරාදෙණිය) ඇය නවක වධයෙන් බේරීම සඳහා දිවගොස් සැඟව ගත නොහැකිව නේවාසිකාගාරයෙන් පැන ආබාධිත තත්ත්වයට පත්විණ. පසුව රෝදපුටුවකට වැටෙන ඇය නිවසේ ළිඳට පැන සියදිවි නසාගත්තාය. අනතුරුව එම නාමාවලියේ චමින්ද පුංචිහේවා, ප්‍රසංග නිරෝෂණ, එස්. වරප්‍රගාෂ්, කැළුම් තුෂාර විජේතුංග, සමන්ත විතානගේ, අමාලී චතුරිකා, ශානිල්ක දිල්හාන් විජේසිංහ, නුවන් ලක්ෂිත දේවසුරේන්ද්‍ර ද සිටී. එමෙන්ම කොට කලිසමක් ඇඳීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨයින් වධ දීමෙන් පසු සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් දයානන්ද සිසුවාගේ මරණය ‘ලැජ්ජා සහගතයි’ ලෙස සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පවා නවක වධය හෙළා දකිනු ලැබිණ. මීට අමතරව නම නොකියවෙන සිය ගණනක් සිසුන් සහ සිසුවියන් විශ්වවිද්‍යාල හැරගොස් වෙන වැඩක් බලා ගත් අවස්ථා එමටය. නවක වධය නිසා මානසිකව බිඳ වැටීම් ඇතිවූ අය බොහෝ වෙති. තවත් සිසුන් ප්‍රමාණයක් නවක වධයෙන් බේරීමට පළමු වසරේ අධ්‍යයන කටයුතු මගහරී. අපේ රටේ මෙන් විදෙස් රටවල ද මෙම වධකාරී තත්ත්වයන් තිබේ. නමුත් දියුණු රටවල්වල මීට කිසිදු සමාජ පිළිගැනීමක් නොලැබේ. නමුත් ලංකාවේ තවමත් විශ්වවිද්‍යාලයේදී විඳිය යුතු සංස්කෘතියක් ලෙස සාධාරණීකරණය කරන්නට යෑම අවාසනාවන්ත තත්ත්වයකි. වසර ගණනාවක් අනේකවිධ වූ කැපකිරීම් කර විශ්වවිද්‍යාල වෙත යන දරුවන් සාර්ථක අනාගතයක් උරුමකර ගන්නවා වෙනුවට මරණය හෝ හිරදඬුවම් විඳින තත්ත්වයන්ට පත්වීමට කිසිසේත් අවශ්‍ය නැත. යමකු නවක වධය වෙනුවෙන් පෙනී සිටිනවා සහ එහි නිරතවන්නේ නම් ඔහු මානසික වියරුවෙන් පසුවන සමාජ විරෝධී උන්මත්තකයකු යැයි අපි හඳුන්වන්නෙමු. සමාජය ද එය අනුමත කරනු ඇතැයි අපි සිතන්නෙමු.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතරමං වී ඇති තෙල් නැව්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරානය කළ ඉල්ලීමට ලංකාව බැහැ කියයි

October 5, 2026

හිටපු නගරාධිපතිනී රෝසි සේනානායකගෙ පුත්‍රයා වූ කනිෂ්ක සේනානායක මහතා අභාවප්‍රාප්ත විය

October 3, 2026

පැදුරු පාටි – වෙඩින් සිංදු ඉවරයි?

October 4, 2026

ප්‍රමිතියෙන් යුතු මත්පැන් හදා අඩු මිලට දිය හැකි කෙනෙක් ආවොත් සලකා බලන්නම්

October 5, 2026

බුදු සසුනට කැපවෙන ඇමරිකානු ජිවකයාණෝ ජෝන්

October 3, 2026
Related News
කතුවැකි

නාහිමි ලිපිය හා සිවුරේ කතාව

කතුවැකි

ජනතාවට තවත් ජීවන බර දැරිය නොහැක!

කතුවැකි

ලෝකය අනතුරට හෙළන ඒඩ්ස් ව්‍යාප්තිය

කතුවැකි

හතළිස් පහේ තරුණයා!

කතුවැකි

වස විෂ පලතුරු කා මරණයේ දොරටුවට ළංවීම

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 497 560
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2026 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok