ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයින්ට කච්චතිව් අසල පිහිටි ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
කච්චතිව් දූපත නැවත ඉන්දියාවට ලබාගැනීම සඳහා AIADMKසහ DMK පක්ෂවල ධීවර අංශ විසින් ගොනු කරන ලද පෙත්සම් විභාග කිරීමේදී, විනිසුරු සංජේ කුමාර් සහ විනිසුරු සංජීව් සච්දේවාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
මුහුදු සීමාවන් පිළිබඳව තමිල්නාඩු ධීවරයින් තුළ වැඩි අවබෝධයක් ඇති කිරීමේ අවශ්‍යතාව ද අධිකරණය විසින් අවධාරණය කරන ලදී.
මේ අතර, දෙරට අතර ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යෑමේ වැදගත්කම පෙන්වා දෙමින්, ශ්‍රී ලංකාව සමග ඇති කරගත් කච්චතිව් ගිවිසුම නැවත විවෘත කිරීමට (හෝ සංශෝධනය කිරීමට) කිසිදු සැලැස්මක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය අධිකරණයට දැනුම් දුන්නේය.
චතුර පමුණුව

